LRDC පරිත්‍රාන ධර්මදේශනය සහ සංඝගත දක්‍ෂිණාව

LRDC සේවා සමාගමට වසර 18ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද පරිත්‍රාන ධර්මදේශනය 2017.09.22 සහ ගරුතර මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්‍ෂිණාව පිරිනැමීම 2017.09.23 දින LRDC සේවා ප්‍ර‍ධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම පුණ්‍යකර්මය පවත්වනු ලබන්නේ,

  • LRDC සේවා සමාගමේ සේවය කොට අප අතරින් වියෝවුණු සියළුම නිලධාරී මහත්ම මහත්මියන්ට පිං අනුමෝදන් කිරීමටත්,
  • දැනට දිවයින පුරා සේවයේ යෙදී සිටින 4000කට ආසන්න වූ නිලධාරීන් ඇතුළු සේවක සේවිකා පිංවතුන්ට නීරෝගි සුවය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීමටත්,
  • එමෙන්ම ආයතනයේ නව ව්‍යාපාරික සැලැස්ම ක්‍රියාවට නඟන මෙම අවස්ථාවේ, LRDC සේවා ආයතනයේ සියළු අනාගත ව්‍යාපාරික කටයුතු සාර්ථක කරගැනීම වස් ඊට ආශිර්වාද ලබාගැනීමටත්ය.